අෂ්ට කර්මය

මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අට (අෂ්ට කර්මය)

මන්ත‍්‍ර ශාස්ත‍්‍රය අංග අටකින් යුක්තවේ. මෙම අංග අට ''අෂ්ට කර්මය'' යනුවෙන් හැදින්වේ. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අෂ්ට කර්මයවත් හරියට දන්නේ නැත. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අට මෙසේය.

01. වශී කර්මය : මේ යටතට ගැනෙන්නේ වශී ගුරුකම්ය. ඉනා කිරීම ලෙසද හැඳින්වේ.

02. ආකර්ශණ කර්මය : වෙළඳ ව්‍යාපාර ආදියට ජනතාව ඇදගැනීම, පැන ගිය අය තමන් වෙත ගෙන්වා ගැනීම, ජනතා ප‍්‍රසාදය ලබාගැනීම.

03. මෝහන කර්මය : මුළා කිරීම, රැවටීම, යම් යම් දේ සැඟවීම.

04. ස්තම්භන කර්මය : යම් යම් දේ වැළක්වීම, දරු උපත් පමා කිරීම, ව්‍යාපාර ආදිය බිඳ වැට්ටවීම, මෝහනය කිරීම.

05. ශාන්ති කර්මය : ලෙඩ රෝග සුව කිරීම, අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීම, ග‍්‍රහ අපල සමනය කිරීම, කොඩි විණ කපා ඉවත් කිරීම.

06 විද්වේෂණ කර්මය : වෙන් කිරීම, භේද භින්න කිරීම, වෛර කරවීම, පේ‍්‍රම සම්බන්ධතා, විවාහ ජීවිත කඩාකප්පල් කිරීම.

07. උච්චාටන කර්මය : යම් යම් අය සිටින නැතින් ඉවත් කිරීම, පළවා හැරීම, කොඩිවිණ ආපසු හරවා යැවීම.

08. මාරණ කර්මය : සතුරන් වැනසීම, භූමි පාළු කිරීම, අණවින, කොඩි විණ සිදුකිරීම.

1 comment: