ධනය වැඩිකර ගැනීමේ ගුරුකමක්

චීනයේ ගුප්ත ශාස්ත්‍රයට අනුව රතු වර්ණය මගින් ඔබේ ධනය වැඩිකරගැනීමේ මේ ගුරුකම අත්හදාබලන්නමේ ගුරුකම කරන්න ඉතා පහසුයිමන්තර කියන්න අවශ්‍ය නැහැ.
අවශ්‍ය දේවල්
1.චෙක් පතක් (චෙක් එකක්)
2.රතු පාට ලියුම් කවරයක්. (රතු කොළයක් අරගෙන බෑග් එකක් විදියට හදාගන්නත් පුළුවන්).
3.හඳුන්කුරු 7ක්.
ක්‍රමය
1.චෙක් එක් අරගෙන චෙක් එකේ මුදල් ලැබෙන්නා ලෙසට ඔබේ නම ලියන්න.
2.ඔබට අවශ්‍ය මුදල දැන් චෙක් එකේ ලියන්න.
3.ඔබම චෙක් එකේ අත්සන් කරන්න.
4.චෙක් එක රතු පාට කවරයේ දමා රතු කවරය අලවන්න.
5.රතු කවරය මේසය මැද තියලා හඳුන්කුරු රතු කවරය වටේට හිටවන්නරවුමක ආකාරයට. (කුඩා බඳුන්වලට පස් දාලා ඒවායේ හඳුන්කුරු හිටවන්න පුළුවන්).
6.දැන් හඳුන්කුරු පත්තුකරන්න.
7.ඇස් වහගන්නඔබේ බැංකු ගිණුමේ ඉතිරිවෙලා තිබෙන මුදල සෙමින් වර්ධනය වන ආකාරය දැන් හිතේ මවාගන්න. (හිතින් දකින්න). විනාඩි 10ක් වත් මෙලෙස කරන්න. (හිතේ මවාගන්න).
අමතර උපදෙස්
  • ඔබට බැංකු ගිණුමක් නොමැතිනම් ඔබේ මුදල් පසුම්බියේ මුදල් වර්ධනය වන ආකාරය සිතේ මවාගන්න.
  • මෙය නිතර කරන ලෙස ගුප්ත විද්‍යා සඟරාවේ පළවෙලා තිබුනේ නෑඑම නිසා එකපාරක් කිරීම ප්‍රමාණවත්.
  • චෙක් එක සහිත කවරය ඔබේ අල්මාරි ලාච්චුවේ හෝ කබඩ් එකේ තබාගන්නඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබුණු පසු එම චෙක් එක පුච්චලා දාන්න. (තව එකක් ලියන්න).
  • ශුභ දිනයක් ගුප්ත සඟරාවේ සඳහන් කර තිබුණේ නැහැනමුත් මුදල් ලැබීමේ ගුරුකම් සඳහා වඩාත්ම සුදුසු දිනය සඳ මෝරාගෙන යන දිනයයි.
  • අන් අයගෙන් බාධාවක් නැති නිදහස් වෙලාවක මෙය කරන්න.

(මෙම ගුරුකම හෝ මෙහි ප්‍රතිඵල වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප විසින් වගකියනු නොලැබේ)

No comments:

Post a Comment