2016 රාහු-කේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?
රාහු හා කේතු අවසන් වතාවට කන්‍යාවට හා මීනයට පිවිස ඇත්තේ 2014 ජූලි 12 වැනිදාය. 2017අගෝස්තු 18 වැනි දින දක්වා මොවුන් දෙදෙනා සිංහය හා කුම්භය තුළ තම වක්‍ර චලිතය පවත්වාගෙන යනු ඇත.
මෙම කාල පරාසය තුළ මිනිස් ජීවිතවලට මහත් බලපෑම් ඇති කිරීමට රාහු හා කේතුට හැකි බව අත්දැකීම් ඇසුරෙන් පැවැසිය හැකිය. එමෙන්ම අප රටට පමණක් නොව ලෝකයේ විවිධ රටවලටද නොයෙක් ආකාරයේ වෙනස්කම් ඇතිකරලීමට මෙම රාහු හා කේතු
මාරුව සමත්වනු ඇත.
මාරුව සමත්වනු ඇත.
පෞද්ගලික ජන්ම කේන්දර විමසුමට වඩා ලෝකායතන ජේයාතිෂයේදී රාහුගෙන් හා කේතුගෙන් ගෙන දෙන පල ප්‍රබල වේ. ඉදිරි වසර 1 1/2ක් කාලය තුළ රවි, චන්ද්‍ර, කුජ, සිකුරු, බුධ, ගුරු හා ශනිගෙන් යෙදෙන ග්‍රහ බලපෑම්ද ඇති බව අපි අමතක නොකළ යුතුය. එනිසා සුබ අසුබ පිළිබඳව ඉක්මන් තීරණවලට අප පැමිණිය යුතු නැත. කිසිම ග්‍රහයකු හෝ ලග්නයක් පූර්ණ වශයෙන්ම සුබ හෝ අසුබ නැත.
මේෂ ලග්නය
ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය. රාහු පැමිණ ගුරු ග්‍රහයාට යෝග වීමෙන් ඔබේ බලාපොරොත්තු ඉහළින්ම ඉටු කර ගත හැකි වෙයි. හදිසි ගමන් බිමන් යෙදෙන අතර ඒවායින් උසස් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය. අලුත් වැඩපිළිවෙළකට අත ගසන අතර එමඟින් ඔබ බලාපොරොත්තු වූ අයුරින්ම ලාභ ප්‍රයෝජන හා දියුණුවක් ලබා ගැනීමට පුළුවන. උත්සාහවන්ත වීමෙන් හා දිරියෙන් යුතුව කටයුතුවල යෙදීමෙන් ජීවිතය සාර්ථක කර ගත හැකි මහඟු අවසථාවක් උදා වෙයි. එයින් නිසි පල නෙළා ගැන්මට උත්සුක වන්න. ඔබේ නිර්මාණ කුසලතා හා හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කළ හැකි යහපත් කාලයකි. ඔබේ නම ප්‍රසිද්ධියට පත්වෙයි. උගත්කම මෙන්ම ශාස්ත්‍රීය දියුණුවද ඇති වෙයි. දරුපල නැති අයට දරුපල හිමිවෙයි. යාන – වාහන හිමිවනු ඇත. රහසිගත සබඳතාවලට ඉඩ ලැබේ. මිල– මුදල් ලාභ ලැබෙන අතර ඔබේ තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ධන ලාභයකට ඉඩ ඇත.
ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය. රාහු පැමිණ ගුරු ග්‍රහයාට යෝග වීමෙන් ඔබේ බලාපොරොත්තු ඉහළින්ම ඉටු කර ගත හැකි වෙයි. හදිසි ගමන් බිමන් යෙදෙන අතර ඒවායින් උසස් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය. අලුත් වැඩපිළිවෙළකට අත ගසන අතර එමඟින් ඔබ බලාපොරොත්තු වූ අයුරින්ම ලාභ ප්‍රයෝජන හා දියුණුවක් ලබා ගැනීමට පුළුවන. උත්සාහවන්ත වීමෙන් හා දිරියෙන් යුතුව කටයුතුවල යෙදීමෙන් ජීවිතය සාර්ථක කර ගත හැකි මහඟු අවසථාවක් උදා වෙයි. එයින් නිසි පල නෙළා ගැන්මට උත්සුක වන්න. ඔබේ නිර්මාණ කුසලතා හා හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කළ හැකි යහපත් කාලයකි. ඔබේ නම ප්‍රසිද්ධියට පත්වෙයි. උගත්කම මෙන්ම ශාස්ත්‍රීය දියුණුවද ඇති වෙයි. දරුපල නැති අයට දරුපල හිමිවෙයි. යාන – වාහන හිමිවනු ඇත. රහසිගත සබඳතාවලට ඉඩ ලැබේ. මිල– මුදල් ලාභ ලැබෙන අතර ඔබේ තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ධන ලාභයකට ඉඩ ඇත.
වෘෂභ ලග්නය
ඔබේ කේන්දරයේ 4 වැන්නට හා 10 වැන්නට රාහු හා කේතු පැමිණේ. මෙතෙක් කරගෙන ආ කටයුතුවල වෙනසක් ඇති වීමට ඉඩ තිබේ. අතහැර දමා තිබූ ගොඩනැඟිලි හෝ නිවාස කටයුතු නැවැත ආරම්භ කෙරේ. නෑයන්ගෙන් කරදර හා විපත් ඇතිවීමට හැකිය. රැකී රක්ෂා කටයුතුවලට විරුද්ධවාදීන්ගෙන් බාධා ඇති වෙයි. දේපොළ හා ඉඩම් පිළිබඳ ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙයි. වාහන ලාභ මෙන්ම වාහන ගමන් – බිමන්ද අධිකව යෙදේ. වන්දනා ගමන්වලට යහපත් කාලයකි.ඔබ සමඟම ළඟින්ම සිටිය හිතවත් අයකු නිසා කරදරයකට හෝ රැවටීමකට අසුවීමට පුළුවන. බුද්ධිමත්ව හා විචාරයෙන් නිතර සිටිය යුතුය. විවාහ කටයුතු අවුල්වන අතර ප්‍රේම සබඳතා බිඳවැටෙනු ඇත. වෙළෙඳ ව්‍යාපාරයන්හි නියුතු ඔබට යහපත්ය. අලෙවි කටයුතුවලින් මහත් ලාභ අත්කර ගත හැකිය. සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වුවද, වියදම් පක්ෂය අධික වෙයි. සැප්තැම්බර් දක්වා කාලය තුළ ආදායම් තත්ත්වය යහපත් වෙයි.
මිථුන ලග්නය
ඔබේ කේන්දරයේ 3 වැන්නට හා 9 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය. සතුරු කරදර දුරුවන අතර නඩුහබවලින් ජයග්‍රහණය අත්වෙයි. ඇසුරු කරන්නන් සමඟ හොඳ හිත වර්ධනය වෙයි. ඔබේ උත්සාහයෙන් සියලු දෙය සාර්ථක කර ගත හැකිවෙයි. උසස් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි කාලයකි. ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවන අතර ආගිය තැන ගෞරවයට හා සැලකිල්ලට භාජන වෙයි. සිතේ සතුට වැඩි වෙයි. යහපත් හා ධර්මිෂ්ඨ අයගේ ඇසුර වැඩි වශයෙන් හිමි වේ.දුරබැහැර වන්දනා ගමන් යෙදෙන අතර පූජ්‍ය කටයුතු සඳහා කාලය හා ධනය වැයවේ. ධර්ම සාකච්ඡාවන් හා කතිකාවන් සඳහා ඔබට ඇරයුම් ලැබේ. ඔබව උසස් ලෙසින් සමාජ පිළිගැන්මට ලක්වනු ඇත. උසස් නිලතල සඳහා තෝරා ගන්නට බොහෝදුරට ඉඩ තිබේ. රැකී – රක්ෂා හා වෙළෙ¼දාම් කටයුතු දියුණු වෙයි. ගොවිතැන් කටයුතු සාර්ථක වීමෙන් වැඩි වැඩියෙන් ලාභ ලැබෙනු ඇත. වාහන හිමිවෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. බලාපොරොත්තු ඉටු වෙයි. විදේශ ගත ඥාති හිතවතුන්ගෙන් ආධාර උපකාර හිමිවෙයි. ලොතරැයි ලාභයකට ඉඩ ඇත.
කටක ලග්නය
ඔබේ කේන්දරයේ අයස්ථානය වූ දෙවැන්නට රාහු පැමිණෙන අතර කේතු අටවැන්නට පැමිණේ. රාහු පැමිණ ගුරු සමඟ යෝග වීම ඉතාම යහපත් වෙයි. අගෝස්තු 11 වැනිදා වනතුරු රාහු ගමන් කරනුයේ ධන කාරක ගුරු සමඟ බැවින් මෙම වකවානුව තුළ ඔබේ මුදල් තත්ත්වය යහපත් වනු ඇත. රැකී – රක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලින් සැලකිය යුතු ආදායමක් හිමිවෙයි. තනතුරු උසස් වෙයි. ආදර සංග්‍රහ හිමිවෙයි. ජීවිතයේ සතුටට හේතුවන බොහෝ දේ ඔබට නොඅඩුව ලැබේ. නිවෙසේ ප්‍රීතිය රජයනු ඇත. දරුවකුගේ ජයග්‍රහණයක් හෝ මංගල කටයුත්තක් බලාපොරොත්තු විය හැකිය.අධ්‍යාපන කටයුතු සඳහා තිබූ බාධක ඉවත් වෙයි. රැකියා කටයුතු සාර්ථක වන අතර උසස් තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ශරීර සනීපයට යහපත් කාලයකි. ගෘහ ජීවිතය වාසනාවන්ත වෙයි. දරු සම්පත් හිමි වනු ඇත. ඔබේ බිරියට හෝ සැමියාට හදිසි ධන ලාභයක් හිමි වන අතර එය ලොතරැයි දිනුමක් වීමට බොහෝදුරට ඉඩ ඇත. විදේශ සංචාර හෝ විදේශ රැකියා බලාපොරොත්තු වන ඔබගේ සිහිනය මල්පල ගැන්වෙනු නියතය.
සිංහ ලග්නය
ඔබේ කේන්දරයේ ලග්න භාවයට රාහුද, හත් වැන්නට කේතුද පැමිණෙයි. මෙය ඔබට යහපත් ග්‍රහ ගෝචරයකි. වසර 1 1/2කට පසු උදාවූ රාහු – කේතු මාරුවෙන් ඔබට වාසනාව උදාවනු ඇත. ගෘහ ජීවිතය සැපවත් වන අතර වාසනාවන්ත ද වෙයි. නවක මිතුරු මිතුරියන් හඳුනා ගන්නට අවස්ථාව උදා වෙයි. ඔවුන්ගෙන් ඔබේ දියුණුවට උදව් උපකාර ලැබෙනු ඇත.නිවෙසේ අලංකාරය සඳහා වැඩි වියදමක් දරන අතර නිවෙසට නවීන ගෘහ උපකරණ රැසක් මිලදී ගන්නට අවස්ථාව උදා වෙයි. විවාහයක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හට රූමත් තරුණ අයකු සමඟ විවාහ වීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙතෙක් සිතේ පැවැති කලබලකාරී, නොසන්සුන් ගති මඟහැරී ස්ථිරත්වයක් සිත තුළ ඇති වෙයි. පදිංචිය ස්ථිර වෙයි.නව නිවාසයක් තැනීමට හැකි වෙයි. දේපොළ භුක්තිය ලැබෙනු ඇත. මෙතෙක් කරගෙන ආ රැකියා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වෙනදාට වඩා දියුණුවට පත්වෙයි. උනන්දුව වැඩි වීමෙන් තම ප්‍රසිද්ධියට කරුණු යෙදේ. හදිසි භූමි ලාභයකට හෝ ධන ලාභයකට ඉඩ තිබේ.
කන්‍යා ලග්නය
ඔබේ කේන්දරයේ 12 වැන්නට රාහු පැමිණෙන අතර කේතු සය වැන්නට පිවිසෙයි. මෙම ග්‍රහ ගෝචරය එතරම් යහපත් නැත. මිශ්රපලදායකය. සිත්තැවුල්වලට මුහුණ පෑමට සිදුවෙයි. අතීතය දෙස බලා සුසුම් හෙළීමට සිදුවන අතර අනාගතය පිළිබඳව අවිනිශ්චිත බියක් දැනෙනු ඇත. සිතේ සතුට හොරු පැහැරගෙන ගියා සේ දැනෙන්නට පටන් ගනී. සතුරන් නිසා සිතට බියක් ඇති වෙයි. නිතර සැකයෙන් පසුවන්නට සිදුවෙයි. වියදම් අධික වන අතර ඊට සමගාමීව ගමන් – බිමන් ඇති වෙයි. ඒ සමඟම නිෂ්ඵල ගමන්වලට ශ්‍රමය හා කාලය වැය කිරීමටද සිදුවෙයි. රැකී – රක්ෂා, ව්‍යාපාර, ගොවිතැන් ආදී කටයුතුවලින් ලාභවලට වඩා පාඩු සිදුවිය හැකිය. මිල – මුදල් අතින් හිඟපාඩු ඇති වෙයි. නඩුහබ, හදිසි අනතුරුවලින් චිත්ත පීඩා හා ශාරීරික පීඩා ඇති වීමට ඉඩ තිබේ. ජයග්‍රහණය පතා කරන ක්‍රියාකාරකම්වලින් බොහෝදුරට පරාජය අත්වෙයි.බලාපොරොත්තු කඩවෙයි. කේතුගෙන් යහපත් ප්‍රතිඵල උදා කරන අතර ගෞරවයද, දියුණුවද, මිල – මුදල් ලාභද හිමි වෙයි. ගරු සැලකිලි ලැබේ. සිතේ සතුට ඇති වෙයි. ප්‍රීතිමත් ගමන් යෙදේ.
තුලා ලග්නය
ඔබේ කේන්දරයේ 11 වැන්නට රාහු ග්‍රහයාද, 5 වැන්නට කේතු ග්‍රහයාද පැමිණීමෙන් ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත. ගෙවී ගිය වසර 1 1/2ට වඩා ඉදිරි කාලය තුළ ඔබේ දියුණුවට කටයුතු
සිද්ධ වෙයි. කරන කියන කටයුතුවලින් වැඩි ලාභ හිමි වන්නට ඉඩ තිබේ. එමෙන්ම තරග ක්‍රීඩා ජයග්‍රහණය පතා කරන කටයුතුවලින් ජය හිමි වනු ඇත. බලාපොරොත්තු රහිත අවස්ථාවක හදිසි මුදල් ලාභයක් හෝ ලොතරැයි දිනුමක් හිමි වෙයි.මිල – මුදල් යහමින් අත රැඳෙනු ඇත. ඔබේ බැංකු ගිණුම් තරවන කාලයකි. සිතද අයාලේ යන්නට ඉඩ තිබේ.
ඒ සඳහා නිර්ලෝභීව මුදල් වියදම් කරනු ඇත. සිතට විරුද්ධ වැඩ කිරීමට පෙලඹෙන අතර අසාධාරණ අන්දමින් මුදල් සෙවීමටද සිත් දෙයි. සමහර විට නපුරු වැඩවලටද සම්බන්ධ විය හැකිය. ඉඩකඩම්, ගෙවල් ආදිය හිමිවන වාසනාවන්ත කාලයකි.ඔබේ බලය වර්ධනය වෙයි. රැකී – රක්ෂා, වෙළහෙළ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් යහපත් හා උසස් ප්‍රතිඵල ලැබේ.ගෘහ ජීවිතය සතුටින් ගත වන අතර පවුලට අලුත් සාමාජිකයන් එක්වනු ඇත.
වෘශ්චික ලග්නය
ඔබේ කේන්දරයේ 10 වැන්න වූ කර්මස්ථානයට රාහුද, ගෘහස්ථානය වූ 4 වැන්නට කේතු ග්‍රහයාද පිවිසෙයි.නොතේරුම්කම නිසා හෝ උද්ධච්චකම නිසා හෝ ගෘහ ජීවිතයේ ගැටලු ඇති කර ගනී. ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයකි. හැකි තරම් කටින් පිටවන වචන පිළිබඳව කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයි. ඥාතීන්ගේ දෝෂදර්ශනයට ලක්වනු ඇත. රැකී – රක්ෂා වෙළෙ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් පාඩු, අලාභ සිදුවෙයි.
හදිසි අනතුරුවලට ඉඩ ඇත. නිවාස හා ගොඩනැඟිලි වැඩට බාධා පැමිණේ. අමනුෂ්‍ය දෝෂ බලපවත්වන අතර පදිංචි නිවෙස අපිරිසුදු වන කාලයකි. ගුණධර්ම වියැකී ගොස් පව් වැඩවලට සිත යොමු වෙයි. අනියම් කම්සැප සොයා යෑම නිසා නින්දාවට පාත්‍ර වෙයි. විවාහ යෝජනා එතරම් සාර්ථක නොවේ. ගුරු මේ වන විට රාහුට යෝගව ගමන් කරන බැවින් ඉහතකී අපල තත්ත්වය බොහෝදුරට සමනය විය හැකිය. ඉගෙනීමෙන් පල ලැබීමට පුළුවන. රසවත්, මිහිරි ආහාරපාන භුක්ති විඳීමට ලැබේ. අලුත් ස්ථානයකට හෝ නව රැකියාවකට යෑමට සිදුවිය හැකිය.
ධනු ලග්නය
ඔබේ කේන්දරයේ පුණ්‍යස්ථානය වූ නව වැන්නට රාහු ග්‍රහයාද, වික්‍රමස්ථානය වූ තුන් වැන්නට කේතු ග්‍රහයාද පිවිසෙයි. දුර බැහැර වන්දනා ගමන්වල යෙදීමට සිදුවෙයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් හා කාලයක් මිඩංගු කරනු ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර නව විෂයන් ඉගෙනීම කෙරෙහි සිත යොමුවෙයි. විභාගවලින් ජය අත්වෙයි. භාෂා කිහිපයක් ඉගෙනීමට අවස්ථාව උදා විය හැකිය. පිටරට හා එම පළාත්වල අය සමඟ කරන ගනුදෙනු හා කටයුතුවලින් වැඩි ලාභ හිමි වෙයි. විදේශ ගමන්වලට තදින්ම සිත යොමු වෙයි. ඒ පිළිබඳ වැඩි උනන්දුවක් හා අවධානයක් දැක්වීමෙන් එම සිතිවිලි සාක්ෂාත් කර ගත හැකි අතර විදේශයක වාසය සඳහා යෑමට ඉතාම සුදුසු කාලය මෙය වනු ඇත.අගෝස්තු 11 දක්වා කාලය යහපත්ය. ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළන්නටද ඉඩ ඇති කාලයකි. සතුරන් හා ඊර්ෂ්‍යාකාරයන් නිසා සිතට කරදර හා පීඩා ඇති වෙයි. මිල – මුදල් හිඟවෙයි. නොතේරුම්කම නිසා හෝ මෝඩ,උද්ධච්චකම නිසා හෝ ප්‍රශ්න වැඩි කර ගනු ඇත.
මකර ලග්නය
ඔබේ කේන්දරයේ 8 වැන්නට හා ධනස්ථානය වූ 2 වැන්නට රාහු හා කේතු පිවිසෙයි. මෙම ග්‍රහ ගෝචරය ඔබට එතරම් යහපත් නැත. රැකී – රක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණෙන අතර ඒවායින් පාඩු
සිදුවනු ඇත. ණයතුරුස් වීමට පවා සිදුවන දුක්බර කාලයකි. වැඩි විශ්වාසයක් ඇතිව කරන කටයුතුවලින් ජයග්‍රහණයට වඩා පාඩු සිදුවෙයි. හවුල් ව්‍යාපාර වැනි මුදල් යොදවා කරනු ලබන ආයෝජනවලින් අලාභ ඇතිවෙයි.
සිතේ නොසන්සුන් ගතිය වැඩි වෙයි. ගෘහ ජීවිතයේද අසමඟිකම් ඇති විය හැකිය. අනවශ්‍ය හා නොගැළපෙන කතාබහ නිසා පවුලේ සමඟියට බාධා පැමිණේ. සිතට මරණ බියක් දැනෙන්නට වුවද හැකි කාලයකි.නිදන් ගත රෝග සෑදෙන අතර රෝහල්ගතව කලක් ප්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකිය. ඔබේ සිරුරේ පාදයක ශල්‍ය කර්මයකට ඉඩ ඇත.වැරැදි ක්‍රියාමාර්ගවලට යොමුවන කාලයක් බැවින් සිහිනුවණින් කටයුතු කළ යුතුය. සොර සතුරු කරදරවලින් පාඩු සිදුවෙයි.ශරීර සැපයට බාධා වන අතර සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබෙන දුක්මුසු කාලයකි.
කුම්භ ලග්නය
ඔබේ කේන්දරයේ 7 වැන්නට රාහු ග්‍රහයාද, ලග්න භාවයට කේතු ග්‍රහයාද පිවිසෙයි. ගුරු ග්‍රහයාට යෝග වීම නිසා රාහු– කේතු මාරුව ඔබේ ලග්නයට යහපත් ප්‍රතිඵල උදාකරනු ඇත. ගුරු ග්‍රහයා 7 වැන්නේ ස්ථානීය බලයෙන් යුක්ත බැවින් ඔබට උසස් ප්‍රතිඵල ලබා ගත හැකිය. මංගල යෝග උදාවන අතර විවාහයට යහපත් කාලයකි. යහන් සුව විඳීමට ඇති බාධා ඉවත් වෙයි. සිතට හා ගතට සැප ලැබෙන වාසනාවන්ත කාලයකි. අනුමානයට කරන වැඩවලින් ජයග්‍රහණය අත්වෙයි.හදිසි ධන ලාභ හා ලොතරැයි ලාභ වැඩිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
ස්ත්‍රී පුරුෂයන් අතර හොඳ හිත වර්ධනය වීමෙන් ගෘහ ජීවිතය සතුටින් ගත වනු ඇත. දේශපාලන හා සමාජ සේවා කටයුතුවල නිරත ඔබට එම කටයුතුවලින් ජයග්‍රහණය හා දියුණුව ඇති වෙයි. වාසනාවන්ත කාලයක් බැවින් උනන්දුවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලුදේ යහපත් කර ගත හැකිය. යාන – වාහන ලාභද ඇති වෙයි. ජීවිතයේ අමුතුම ආකාරයේ වෙනසක් ඇති වන අතර හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භයටද ඉතාම සුදුසුය.
මීන ලග්නය
ඔබේ කේන්දරයේ හය වැන්නට
රාහුද, කේතු ග්‍රහයා 12 වැන්නටද පිවිසෙයි. රාහු තමන්ට ඉතාම ගැළපෙන ස්ථානයට පැමිණීමෙන් ඔබට ඉතාම යහපත් කාලයක උදාවක් සනිටුහන්
කරවනු ඇත. රැකී රක්ෂා, වෙළහෙළ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් වැඩි වැඩියෙන් ලාභ අපේක්ෂා කළ හැකිය.අතගසන සෑම කටයුත්තක්ම ඉතා ඉහළින්ම සාර්ථක වෙයි. ප්‍රීති උත්සව හා සම්භාෂණ සඳහා ආරාධනා ලැබේ.
උසස් පුද්ගලයන් හා උරෙන් උර ගැටී සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදා වෙයි. සොර සතුරු කරදර පහව යනු ඇත.ණය ගනුදෙනුවලින් ලාභ අත්වෙයි. ඔබේ බැංකු ගිණුම් තරවන කාලයකි. ජීවිතය පුරා සතුට හා ප්‍රීතිය පවතිනු ඇත. ඔබ කැමැති ආකාරයෙන් කම්සැප විඳීමට ලැබෙන ඉතා මනරම් ග්‍රහ ගෝචරයකි. නව රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබගේ ප්‍රාර්ථනා මල්පල ගැන්වෙනු ඇත. කෙසේ හෝ ආදායම වැඩි වීමෙන් නව ආයෝජන අවස්ථාවන් සඳහාද සිත යොමු වෙයි.
සිරුරේ ලෙඩදුක් පහව ගොස් නිරෝගී ජීවිතයක් ගත කිරීමට තරම් ඔබ වසනාවන්තයකු වනු ඇත.
Rahu Kethu Palapala - 2016.
No comments:
Post a Comment