වශී ගුරුකම් | Washi Gurukam

වශී ගුරුකම් (Washi Gurukam) ගැන ඇත්ත දැනගන්න

වශී ගුරුකම් ගැන දැන්වීම් අද බහුලව දකින්නට ලැබේ. වරු තුනෙන් දින තුනෙන් ඕනෑම කෙනෙකු වශීකර දෙන්නට හැකි ශූරයින්ද මේ අතර සිටින බව පෙනේ. ඔය කියන ආකාරයට වශී ගුරුකම් කළ හැකිනම් හින්දි නළු නිළියන්, විදේශ ජනාධිපතිවරුන් මෙලහකටත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ගෙවල් වල සිටිය යුතුය. ඔය කියන ආකාරයට වශි ගුරුකම් කළ නොහැක.

වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්්‍යයකි. අංග අටකින් යුතු මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පළමු අංගය ''වශී කර්මය'' යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳිහා යොදා ගත යුත්තේ පුර පක්‍ෂයේ දිනයන්ය. පුර පක්‍ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසලොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි. පසලොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්‍ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග‍්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.

තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග‍්‍රහ බලය ශක්තිමත්නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාලශාස්ත‍්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක‍්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවේ.

ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්්‍යයකි. ගුරුකම් පිළිඳව දැනගත යුත්තේ මන්ත‍්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි.

වශී ගුරුකම් සිදුකරන මන්ත‍්‍රාචාර්යවරයෙක් ඊට නියමිත ''මන්ත‍්‍ර සිද්ධිය'' ලබා සිටිය යුතුය. මන්ත‍්‍ර සිද්ධියක් ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. නිසි කැපවීමකින් තොරව මන්ත‍්‍ර සිද්ධිය ලබාගත නොහැක. පොතක පතක තිබූ මන්ත‍්‍රයක් කටපාඩම් කරගත් පමණින් ගුරුකමක් කළ නොහැක.

අද වශී ගුරුකම් කරනවායැයි පවසමින් බොහෝ දෙනා කරන්නේ ජනතාව මුලා කිරීමකි. මේ අතරින් බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අටවත් (අෂ්ට කර්මය) නොදන්නා අයයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු විසින් බිහිකරන ලද මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හෑල්ළුවට ලක්වන්නේ එවන් සොරුන් හේතුවෙනි.

නීච කුල වල උපන් අයට ගුරුකම් කිරීමට විශේෂ බලයක් හෝ විශේෂ දැනුමක් නොමැති බවද දැනගත යුතුය. සියළු නීච කුල මන්ත‍්‍රවල බලය ජලනන්දන පිරිත මගින් පහසුවෙන් බිඳහෙලිය හැකි බවද විශේෂයෙන් මතක් කළ යුතුය.

Source: http://www.sarathe.com

වශී ගුරුකම් ඇතු‍ලේ සැඟවුණු රහස් මෙන්න



මිනී මස්කෑමේ වරද රත්නවල්ලී කුමරියට තිබූ චෝදනාව විය. 12 වැනි සියවසේ මෙරට රජ කළ පළමුවන පරාක්රමබාහු රජු ඇගේ පියාණන්ය. මුලින් කී චෝදනාවට පිය රජු විසින් රත්නවල්ලී දුවණිය මාලිගයෙන් එළවන්නට කටයුතු යෙදිණි. ඇය රාජධානියේ මහා දොරටුවෙන් පිටමං වී ගිය පසු ඇගේ හිමිකාරීත්වය හිමි වූයේ රජගෙදරට මස් සැපයූ මස්වැද්දාටය. රොඩී ජන කණ්ඩායම ඇරඹුණේ මොවුන් දෙදෙනාගෙනි.
රාජ නියෝගය පරිදි එලෙස ඇරඹි රොඩී කුලයේ පිරිසට ඉණෙන් ඉහළට කිසිවක් ඇඳීම තහනම් විය. මෙලෙස ඇරඹි රොඩී කුලය අද වන විට පරසිදු වී ඇත්තේ නීචකුල වශී ගුරුකමේ සිට, කොඩිවින, බහිරව පූජා, අද්භූත ලෙඩවලට ශාන්ති කර්ම, හැරගිය අය ගෙන්වීම, අනියම් සම්බන්ධකම් කැඩීම, නිවාස ඉඩකඩම් විකුණාදීම ආදිය දක්වා නේක විධි ඉන්ද්රජාල කටයුතු පිළිබඳවය.

මෙකී ප්රාතිහාර්යයන් දකින්නට අපි ලක්දිව ප්රධාන හුලිවාලි ගම්මානය වූ මහනුවර මැණික්හින්නේ කුරගන්දෙණිය බලා ගියෙමු.

සාම්ප්රදායිකව මනසේ මැවී තිබූ රොඩී ගම්මානය වෙනුවට එකක් මත්තේ එකක් සාදා තිබූ දැවැන්ත නිවාස සමූහයක් අපට දැකගන්නට ලැබුණි. ඒවා සියල්ලම පාහේ මහල් දෙකකින් හෝ තුනකින් සමන්විත විය. ඉදිරිපිට නවතා ඇති වාහන පෙළකින්ද යුතු ගම්මානය දුටුවිට අපට හැඟුණේ කුමක් හෝ වැරදීමක් සිදුව ඇති බවයි.

වැරදිලා වගේ. මේකනෙවෙයි රොඩී ගම. මේ ගමේ ඉන්නේ නුවරවත් නැති තරම් සල්ලිකාරයෝ ටිකක්….’ පිරිසේ අයකු පැවැසුවේ තව මොහොතකින් මගේ මුවින් නිකුත්වන්නට තිබුණුදේමය. එහෙත් අපට වැරදී නැති බව තේරුණේ එතැනම ඉදිරිපිට මැණික්හින්නපොලිසියේ නාමපුවරුව දුටු බැවිණි. දැන් තවත් ගැටලුවකි. ශ්රී ලංකාව සීඝ්රයෙන් සංවර්ධනය වන බැවින් බොහෝවිට මෙම ප්රදේශයේ දුප්පත්රොඩී ජනයා ඉවත් කොටපොහොසත් පිරිසක් පදිංචිකරවා ඇත්ද යන්නය. අපි පා ගමනින් ඉදිරියට ගියෙමු. නැත ගැටලුවද එසේ නොවේ. එක පෙළට සිටුවා ඇති පාරම්පරික රොඩී ගුරුකම්නාම පුවරු පෙළ ඊට පිළිතුරු සැපයීය. මුලින් කී ප්රාතිහාර්යය ලැයිස්තුවපොල් ගෙඩි අකුරින් ලියා පළ කර ඇති සෑම පුවරුවකම කුමන හෝ දෙවි කෙනකුගේ රූපයක් විශාලව මුද්රණය කර තිබේ.

මහා කාලි මෑණියන්ගේ ආරූඪයෙන්
දැඩිමුණ්ඩ දේව රැකවරණයෙන්
ඊශ්වර දෙවි පිහිටයි

ආදී ලෙසින් විවිධ දෙවිවරුන් ඔවුන්ටද නොදැනී විකුණන්නට කූරගන්්දෙණියේ පිරිස් ක්රියාකාර තිබේ.
දැන් මොවුන්ගේ ප්රාතිහාර්යයක් දකින තුරු අප පිරිසට ඉවසිල්ලක් නැත. වඩා බලවත් හොඳම වැඩකාරයා සොයා ගැනීම ලෙහෙසි පහසු නොවේ. අසල කඩයකින් දැන ගත් දුරකථන අංකයකට මුල්ම ඇමැතුම ලබා ගතිමු. මේ අප අමතන්නේ ගැහැනියකගේ දුක දන්නා තවත් ගැහැනියක වූ සීතා අම්මා මෑණියන්ටය. කාරණාව වශී ගුරුකමක් කරවා ගැනීමටය.

හෙලෝ
ඔව්, දේව කරුණාවයි
සීතා අම්මා මෑණියෝද?’
මේ දරුවා කතා කළේ ඇයි…’
මෑණියෝ, මටපොඩි වැඩක් කරගන්න. දැන් අපි ඇවිත් ඉන්නේ මැණික්හින්නේපොලිසිය ළඟම
හරි, ඔතැන ඉඳලා එන්න මම පාර කියන්නම්
මේ ළඟ ඉන්න ත්රීවීල් අයියා කෙනෙක්ට මම ෆෝන් එක දෙන්නද..
හරි දෙන්න එහෙනම්…’

ත්රිරෝද රථ නැවැතුමේ සිටි රියැදුරකුට දුරකථනය දුන්නේ මැණික්හින්නේ පාරවල් ගැන මෙලෝහසරක් අප නොදන්නා නිසාවෙනි. මෑණියන් ඔහුට අප රැගෙන ආයුතු අයුරු පැහැදිලි කළා විය යුතුය. ඔහු තනියම මොනවාදෝ කියමින් අප ත්රිරෝද රථයට නංවා ගත්තේය.
මහත්තයලාට වැඩක් කරවා ගන්නද…?’
ඔව්
ඔය මෑණිට වඩා හොඳ ප්ලේස් මෙහේ තියෙනවා. ඔය මෑණිට වඩා වැඩ්ඩෝ අපි දන්නවා
මරුනේ
ඒකනේ එහෙම තැනකට ඕන නම් මම එක්ක යන්නම්

මේ කූරගන්දෙණියේ රොඩී තෙල්බේත්කරුවන් කැකුණ තලන විට වාසි ගන්නා පිරිසයි. තෙල්බේත් සාත්තරය පතා පැමිණෙන අයවලුන් එතරම් බුද්ධිමත් නැති බවත්, පහසුවෙන් ඇන්දෙන බවත් දන්නා ත්රීවීල් රියැදුරෝ මෙලෙස අතරමැදි රස්සාවද රියැදුරු රැකියාවට අමතරව සිදු කරති. එනමුදු වඩා වැදගත් මෑණියන්ය.

කමක් නෑ අයියේ ඔයාපොඩ්ඩක් අපිව ඉස්සෙල්ලා මෑණි ගාවට එක්ක යන්න. ඊට පස්සේ වැඩේ ෂුවර් නැත්නම් ඔයාගේ තැනට යමු.
අප අවසානයේ මෑණියන්ගේ පූජා භූමියට පැමිණියෙමු. පූජා භූමියක් කීවාට එය අපූරු මැදුරකි. ඇතුළු වන තැනම නවීන සෝපා කට්ටලයකි. සාලයේ නවීන රූපවාහිනියක් හා තවත් උපකරණය. අප පිළිගැනීමට මෑණියන්ගේ දුව ඉදිරියට පැමිණියාය. ඇගේ පිළිගැනීමෙන් අප නිවෙස තුළ අසුන් ගත්තේ දේව මෑණියන්ගෙන් කැඳවීමක් ලැබෙන තුරුය.

විනාඩියකට නොඅඩු කාලයකින් සීතා අම්මා මෑණියෝ පැමිණියහ. ඇගේ කැඳවීමට අනුව අපි පසුපසින් එහි තිබූ කාමරයකට ඇතුළු වෙමු. ඇගේ දේවාලයයි. එක් පසෙක මෑණියන්ගේ අසුනයි. අනෙක්පස මල් ආසනයකි. මත තරුණ තරුණියන්ගේ ඡායාරූප රැසකි. ඒවාට යටින් තඹ පත්ඉරු ගැටගසා තිබේ. සමහර ඡායාරූප එකට තබා සුදු නූල්වලින් ගැටගසා ඇත. කිරිමැටිවලින් තැනූ රූපයක් වටා නූල් ඔතා තිබේ. වේළී ගිය ගොක් කොළද, රතු, නිල්, රෙදි පටිද මත විය. මෑණියෝ පළමුව තමා කළ හපන්කම් පවසන්නට වූහ. ඇයට අනුව මූදු හතකින් එහා සිටින නරයකු වුවද දෙපතුළ ළඟට ගෙන්වා දිය හැකිය. එහෙව් එකේ අප පැමිණ කරගන්නට හදන කාරණය පිළිබඳව මෑණියන්ට ගේමක්නැති බවද කියවුණි.
අප කරගන්නට පැමිණියේ ස්ත්රී වශියකි. වශියට ලක්විය යුතු තරුණිය සැබෑවට මෙලොව තවම ඉපදුණු අයෙකුද නොවේ.

මෑණි, මොනවද අපි මේ වැඩේට ගෙනල්ලා දෙන්න ඕනි…?’
දැරිවිගෙ නමයි, දැරිවිගේ ෆොටෝ එකයි විතරයි. අපි අනිත් අය වගේ බොරුවට ලොකු වැඩ නෑ. අපි කරන්නේ නාම රූප බන්ධනය. කරලා ආයෙත් හැරවිලි බන්ධනෙත් අපේ ගණනේ කරලා දෙනවා. ඊට පස්සේ වැඩේ තිතට හරි…’

ඇය පවසන පරිදි නවනීදන් පිල්ලේගේ සම්පූර්ණ නමත් සමග ඇගේ ඡායාරූපයක් ගෙනැවිත් දුන්නේ නම් ඇයව වශී කරන්නට හැකිය. අසල මල් අසුනේ තිබූ තරුණියන්ගේ ඡායාරූප මෙලෙස නාම රූප බන්ධනයට ලක් කළ ඒවා විය යුතුය.

මේ තරුණියන් සියල්ල හැරදමා තමන් ළඟට පැමිණෙන තෙක් එම වගී ගුරුකම් කරවූවන් බලා සිටිනවා විය යුතුය. මොවුන්ගේ රැවටීම්වල කෙළවරක් දැකිය නොහැකිය. ඔවුන් සමග යම් වැඩක්සාකච්ඡා කොට එයටපොරොන්දු වූ මුදල ලබා නොදුනහොත් අදාළ පුද්ගලයා පසුපස මළ පිල්ලියක්එවන බව ඔවුන් ප්රදේශ පුරා ප්රචාරය කොට තිබේ. පැමිණෙන ත්රිරෝද රථ රියැදුරෝ ඔවුන් සමග යන අයට මේ තොරතුරු කියති. මරු කටට ගියා වැනි හැඟීමක් ගුරුකමක් කරවා ගන්නට පැමිණි පුද්ගලයාට දැනේ. ළිඳට වැටුණු මිනිසා එයින්ම ගොඩ යුතු යැයි කියන්නාක් මෙන් ඉල්ලන ගාණක් දෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් එලෙස පැමිණෙන අයට නැත.

අප දුටු ඡායාරූපවලට අනුව එලෙස ගුරුකම් කරවා  ගන්නට පැමිණෙන අයගෙන් වැඩි පිරිසක් මැදපෙරදිග රටවල සේවය කරන කාන්තාවෝය. අන්තර්ජාලය ඔස්සේ මුණ ගැසෙන පිරිමින් හා හාදවන ඔවුන් ලංකාවට පැමිණි පසු අදාළ පිරිමියාගේ ඡායාරූපයත් , නමත් සල්ලිත් රැගෙන මෙම ස්ථානවලට එන්නේ අදාළ පිරිමියා තමා සන්තක යැයි සිතාගෙනය. සල්ලි දී පස්සෙන් ගොස් අවසානයට ගහපු පදයකුත් නැත බෙරේ පලුවකුත් නැත. ‍පොලිසියට පැමිණිලි කරන්නටද අවස්ථාවක් නැත. මේවාට විරුද්ධව ගත හැකි නීතිමය ක්රියාමාර්ගවලට වඩා තම තමාගේ නම්බුව ගැන සිතන නිසාය.

මහනුවර දිස්ත්රික්කයේ ධනවත්ම පවුල් වෙසෙන ප්රදේශයක් ලෙස මැණික්හින්න හැඳින්වේ. මැණික්හින්න ජනතාවට අතේ මුදල් තිබුණද ඔවුන් වෙනත් ප්රදේශවලින් ඉඩකඩ ඇති ඉඩම් මිලදී රැගෙන නිවාස සාදන්නේ නැත. ලොව තිබෙන එකම ඉඩම් ටික කූරගන්දෙණියේ යැයි සිතමින් එහිම සියලු නිවාස සාදයි. එම ගම තුළ තම හොර වැඩවලට අවශ් ආරක්ෂාව සෑදෙන බැවිනි.

රොඩී ගුරුකම් මෙන්ම මෙම හුලිවාලි ගම ඇසුරින් ප්රදේශයට තවත් දුශ්චරිත බෝවී තිබේ. අන් කවරදාකටවත් වඩා දැන් දිගන, අලුත්වත්ත ආදී ප්රදේශවල පුදුමාකාර වේගයෙන් කුඩු හා වෙනත් මත්ද්රව් ව්යාප්ත වෙමින් පවතී. වගකිව යුතු අංශ ගැන සොයා බැලිය යුතුය. කූරගන්දෙණිය කඳවුර තුළට ඇතුළු වී එම සොයාබැලීම සිදුකිරීම වැදගත්ය. පිළිබඳ මැණික්හින්න අසල ගම්මානවල ජනතාව හොඳින් පැහැදිලි කර දෙනු ඇත.

ගුරුකම් යට තවත් කතා රැසක් සැඟව තිබේ. ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම් මැණික්හින්නේ දේව මෑණිවරුත්, පියවරුත්පොල්තෙල්වලට පින් සිද්ධ වෙන්න ජීවත්වේ. රොඩී දේව මෑණිවරුන් ජීවම් කර දෙනවා යැයි කියාදෙනපොල්තෙල් බින්දු රැගෙන විත් රටරාජ් අල්ලන්නට යන අහිංසකයෝ මෙරට සිටිති. එසේම මුදල් දී කරකියා ගන්නට දෙයක් නොමැතිව විඳවන පිරිස්ද සිටිති. කාගේ හෝ අවාසනාවට මෙම දෙපිරිස මුණ ගැසෙන්නේ නැත. එසේ මුණ ගැසුණා නම් ඉදිරියට මෙම පිළිලය ව්යාප්ත වීම නවත්වනු හැකිවනු ඇත.

 කරුමක්කාර වශී ගුරුකම්

“ලෝකය මිථ්‍යාවන්ගෙන් පිරිලා. සමහරු හිතන්නේ ඡ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රය මිථ්‍යාවක් කියලයි. නමුත් ඇත්ත කතාව නම් ඡ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව මුවාවෙන් සමහරුන් නොයෙකුත් මිථ්‍යා මත වැපිරීමයි. ඇත්ත හා බොරුව වෙන්කොට දකින්න බැරි අය සියල්ල ඇත්ත හැටියට ගන්නවා, නැතිනම් සියල්ල බොරුවක් හැටියට ගන්නවා

මෙන්න මෙතනයි ප්‍රශ්නය තියෙන්නෙ. මා හොඳ උදාහරණයක් දෙන්නම්. ඒ තමා වශී ගුරුකම්. කෙනෙකුගේ කැමැත්ත, ආදරය දිනා ගන්න පිට කොන්දක්, හැකියාවක් හෝ වාසනාවක් නැති සමහරුන් වශී ගුරුකම්වලින් ආදරය දිනාගන්න උත්සාහ දරනවා. මෙන්න මෙතනත් මිථ්‍යාවක් සහ නොපනත්කමක් දකින්න ලැබෙනවා...”

වශී ගුරුකම් ආශි‍්‍රතව පවතින සැඟවුණු රහස් පිළිබඳව මෙවර අදහස් පළ කරනුයේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකු හා පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥයකු වන මීපේ ගණිතගේ චන්ද්‍රභාරතී මහතා ය.
“...මා මුලින්ම කියන්න කැමතියි. වශි ගුරුකම් කියන්නේ පුරාණ සෘෂිවරුන්ගේ කාලයේ සිට එන බලගතු ගුප්ත ශාස්ත්‍රයක්. අන් අයගේ ආකර්ෂණය, සෙනෙහස, කැමැත්ත දිනා ගැනීම තමා වශී යනුවෙන් අදහස් කරන්නේ. දැන් රාජ වශීය කියන්නේ විභාග, සම්මුඛ පරීක්ෂණ, මහජන කැමැත්ත දිනා ගැනීම වගේ අවස්ථාවල භාවිතයට ගන්නා වශී ක්‍රමයක්. මෙය හානිකර - විපත්තිකර තත්ත්වයක් නොවන බවත් කිව යුතුයි.

 ජන වශී, තෛ‍්‍රලෝක වශී කියන්නෙත් ඒ වගේ අවස්ථා දෙකක්. හැබැයි මේවා කෙටිකාලීනයි. හැමදාම දිගු කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.”

“...ස්ත්‍රී - පුරුෂ වශී ගුරුකම් කියන්නේ තවත් බලගතු ගුප්ත ශාස්ත්‍ර කොටසක්. හැබැයි මේ තත්ත්වය ඉතාම හානිකරයි. අනිත් පැත්තෙන් සංසාරයේ පන්න පන්නා විපාක දෙන අකුසල කර්මයක්. වශී ගුරුකම්, වාල් ගුරුකම් කරන ඇදුරන්, එය කරවන පුද්ගලයාත් යන දෙදෙනාම අපාගත වෙන බව සිහිකළ යුතුයි.
තමා කෙරෙහි ඇල්මක්, ආදරයක් නැති කෙනෙක් කාම චේතනාව මුල්කොට ගෙන අනිසි මාර්ගයෙන් ලබා ගැනීම වශී ගුරුකම්වලින් කෙරෙනවා. වරු තුනෙන්, දින හතෙන්, ප්‍රතිඵල පෙන්වන වශී ගුරුකම් තියෙන බව ඇත්ත. නමුත් තමා පසුපස හඹා එන අකුසල කර්මය ඊට වඩා මහා බලගතු බව සිහි කළ යුතුයි.

අද මේ රටේ වශී ගුරුකම්, වාල් ගුරුකම් කරන බොරු ඔස්තාද්ලා වැහි වැහැලා. ඔය විදිහට නියම වශී ගුරුකම් කරන්න බෑ. ඇත්තම කියනවා නම් ශාස්ත්‍රානුකූලව වශී ගුරුකමක් කරන්න නම් කලමනා රාශියක් හොයා ගන්න ඕනේ. ඉන් පස්සේ ඉතා දුෂ්කර ක්‍රියාමාර්ගයක් මැදයි කටයුතු කරන්න වෙන්නෙ. තව සමහරු ලේ සහ සීනි මතුරලා අදාළ පුද්ගලයාට බොන්න දෙනවා.

මේකට කියන්නේ කැවිලි කියලයි. මේ විදිහට කවන්න පොවන්න ගන්න සමහර ඖෂධ වර්ග ශරීරයට හානිකරයි. ඒවා කාලයක් යනතුරු ආහාර මාර්ග පද්ධතියේ ඇලිලා තියෙනවා. පිළිකා වගේ රෝග ඇති වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. පැන්නිලි හා පෙන්නිලි කියන්නෙ තවත් වශී ක්‍රම දෙකක්. ඔය කොයි ක්‍රමයෙන් කළත් වශීයට ගොදුරු වන ස්ත්‍රිය හෝ පුරුෂයාගේ ත්‍රිධාතු විකෘති වෙලා මනසත් විකෘති වෙනවා
. ඒ පුද්ගලයා පසු වෙන්නේ පියවි සිහියෙන් නෙවෙයි. මේකට කියන්නෙ නුහුගුණ හෙවත් ඔළුව විකාර වෙනවා කියලයි. ගුප්ත ශාස්ත්‍රය භාවිත කරලා උමතු බවට පත් කළ කෙනෙක් ළඟට ගෙන්වා ගත්තේ ඇයි කියලයි මම අහන්නෙ. මේක හැබෑ සෙනෙහසක් ආදරයක් නොවෙයි. තවත් සමහරු වශී ගුරුකම්වලට එක්තරා පාෂාණ වර්ගයක් යොදා ගන්නවා. මේ ද්‍රව්‍යය ශරීරගත වීම ඉතා හානිකරයි.

බලන්න කෙනෙකුව ශාරීරිකව හා මානසිකව රෝගාතුර කිරීම කොයිතරම් අකුසලයක් ද? ගුප්ත ශාස්ත්‍රය නො දන්නා තවත් බොරුකාරයෝ නොයෙකුත් වස - විෂ බොන්න දෙනවා. මේවා නිසා මොනතරම් හානියක් වෙනවද කියලා හිතාගන්න බෑ. යම් පුරුෂයෙක් වාල් ගුරුකමක් කළොත් ඒ තැනැත්තා නැවත පිරිමි ආත්මයක් ලබන්නෙ නෑ කියලා පිළිගැනීමක් තියෙනවා.”

“...වශී ගුරුකම්වලදී මදන යකුන්, මදන මෝහිණි ගේ දිෂ්ටිය ගෙන්ව ගන්නවා. මේක තනිකරම කාමය මුල් කොට ගත්ත ක්‍රියාවක්. ඒ මිස මනුස්ස සෙනෙහසක් මෙතන නෑ.”

“හැර ගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වරු තුනෙන් ගෙන්වලා දෙනවා කියලා අද දැන්වීම් දකින්න ලැබෙනවා. හොඳයි හැර ගිය පුරුෂයා හෝ ස්ත්‍රිය වශී ගුරුකම් කරලා ගෙන්න ගත්තා කියමු.

මතක තියා ගන්න. ඒ ආපසු එන්නෙ මනස විකාර වුණ, ශරීරය රෝගාතුර වුණ මනුස්ස පරාණයක්. හිතෙත් ලෙඩ. ඇඟෙත් ලෙඩ. මේ විදිහට කෙනෙකුව අනිසි විදිහට ගෙන්වා ගැනීමේ තේරුමක් නෑ. මොකද ඒ ළඟට එන්නේ දෙපැත්තෙන්ම හානියට පත් වුණ ලෙඩෙක්.”

“...සමහර විවාහක ස්ත්‍රි - පුරුෂයන් එකිනෙකාගෙන් වෙන් වෙලා යනවා. ඒක වැරැදි වැඩක්. එහෙම ගිය කෙනාව නැවත ගෙන්වා ගන්න මේ වගේ කැවිලි, පෙන්නිලි, පැන්නිලි කියන වශී ක්‍රම යොදා ගැනීම ඊටත් වඩා වරදක් හැටියටයි මා දකින්නෙ. පියෙක්, ස්වාමි පුරුෂයෙක් සහ ගුප්ත ශාස්ත්‍රඥයෙක් හැටියට විවෘතව යමක් කියන්න කැමතියි.

පවුල් ජීවිතයේ හැල හැප්පිලිවලට කවදාවත්ම වශී ගුරුකම් වගේ පාප වැඩ කරන්න එපා. එක පැත්තකින් තේරුමක් නෑ. අනිත් පැත්තෙන් ඒක දෙලොවටම විපාක දෙන කරුමක්කාර වැඩක්. ස්ත්‍රිය හෝ පුරුෂයා එකිනෙකා ගෙන් වෙන් වෙන්නෙ ඇයි? කොතනක හරි නොගැලපීමක් වරදක් තියෙන්න ඕනේ. අන්න ඒ අඩුපාඩුව හොයා ගෙන මනුස්සයෙක් වගේ බුද්ධිය යොදලා ප්‍රශ්නය විසඳා ගැනීම තමා දෙලොවටම යහපත ගෙන දෙන්නේ. හොඳින් - ආදරයෙන් ඉන්න දෙන්නෙක් විරසක කරන්නත් ගුප්ත ක්‍රම තියෙනවා.

ඒකත් මහා පාපයක් හැටියටයි මම දකින්නෙ. අර කියමනක් තියෙනවා, කරන කලට පව් මිහිරිය මී සේ කියලා. හැබැයි විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කියන කතාවත් මතක තියා ගන්න ඕනේ. අන්න ඒකයි මම පුන පුනා කියන්නෙ පවුල් ජීවිතේ දෙන්නා දෙමහල්ලන් ගේ ප්‍රශ්න විසඳා ගන්න හිතාගෙන කොයි මොහොතක වත් මේ වශී ගුරුකම් - වාල් ගුරුකම් කියන දෙක යොදා ගන්න එපා කියලා.”

“...ජොතිෂයෙන් ජීවිතය ගැන හොඳ විවරණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ගුප්ත ශාස්ත්‍රයෙන් ජීවිතයට සහනයක් ලබාගන්න පුළුවන්. බුද්ධිය යොදවලා කළ යුතු යහපත් ම දේ තෝරා ගත්තොත් ඒක දෙලොවටම ආලෝකයක්. එහෙම නැතිව බලහත්කාරයෙන් කැමැත්ත දිනාගන්න හදන්න එපා.

ඒක මනුස්සකමක්වත් පිරිමිකමක්වත් නෙවෙයි. පෞරුෂයක් නැති හැකියාවක් ආකර්ෂණයක් නැති දුර්වල මිනිසුන් තමා මේ වශී ගුරුකම් පස්සෙ දුවන්නෙ. එහෙම ගිහිං අනුන්වත් අසරණ කරලා තමනුත් අපාගත වෙනවා.

ඒ නිසා මම අවධාරණයෙන් කියන්න කැමතියි, මේ වශී ගුරුකම් කියන පිළිකාවට ගොදුරු වෙන්න එපා. මොකද ඒ විපාකයෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ. මේ වශී ගුරුකම් - වාල් ගුරුකම් කියන පාප ක්‍රියා කරන අයත්, කරවන අයත් කියන දෙකොට්ඨාසයම යන්නෙ එකම තැනට. ඒ තමා අපාය.”

කේ.සී.ජේ. රත්නාය

විදෙස්‌ගත කතුන් රවටන අන්තර්ජාලයේ වශී ගුරුකම් සෙල්ලම්…!

හසුවන්නට පෙර කියවන්න

ස්‌ත්‍රී පුරුෂ වශී ගුරුකම්, විවාහය ප්‍රමාදයට විසඳුම්, සුරාව මත්පැන් නවතාලයි, ගෙවල් ඉඩම් ආරක්‍ෂාව, සියලුම විභාග ජය ගැනීම සහ රැකී රක්‍ෂා වරම් මෙලෙස පොරොන්දු ලබාදෙමින් ගුරුකම් මගින් වරු තුනෙන් ප්‍රතිඵල ලබාදෙන බව පවසමින් ඇතැම් පුද්ගලයන් පුවත්පත්, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්‌සේ දැන්වීම් පළකර තිබෙනු අප කවුරුත් දැක ඇත. මෙම දැන්වීම් සඳහා ඇතැම් දෙනා ප්‍රතිචාර දක්‌වමින් අදාළ සේවාවන් ලබාගැනීමට කටයුතු කරති. ගිහි පුද්ගලයන් පමණක්‌ නොව චීවරධාරීහුද මෙවැනි ගුරුකම්වල යෙදෙති. ඔවුන් විසින් පළකරන දැන්වීම් සඳහා අනුග්‍රහය දක්‌වා ඇත්තේ තම සේවාවන් ලබා ප්‍රතිඵල අත්විඳි අය බවද එම දැන්වීම් අවසානයේ සඳහන් කර ඇත. සයිප්‍රසය, ඉතාලිය, සෞදි අරාබිය, ජපානය වැනි රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස දැන්වීම් සඳහා අනුග්‍රහය දැක්‌වූ බව සඳහන් කර තිබේ. මේවායේ ඇත්ත කෙසේ වෙතත් බොරුව නම් ඉහටත් උඩින් යෑයි අපට පසක්‌ වූයේ මෙම දැන්වීම්වලට අනුව සේවාවන් ලබාගැනීමට ගොස්‌ රැවටුණු කාන්තාවන් කිහිපදෙනකු අප අමතා ඔවුන් ලද අත්දැකීම් පැවසූ විටදීය.

ඉතාලියේ පදිංචි එක්‌තරා කාන්තාවක්‌ චීවරධාරි වේශයෙන් පෙනී සිටින පුද්ගලයකු අන්තර්ජාලය ඔස්‌සේ පළකර තිබූ දැන්වීමකට අනුව තමාගේ සැමියාගේ බේබදුකම නතර කර ගැනීම සඳහා පිහිටක්‌ පතා ඇත. ඒ සඳහා ඇය එම චීවරධාරියා ලබාදුන් ගිණුම් අංකයකට පළමුව රුපියල් විසිදහසක්‌ තැන්පත් කර ඇත.

සැමියාගේ බේබදුකම නතර කිරීම සඳහා ලක්‍ෂ වාරයක්‌ ජප කළ යන්තරය ගුවන් මගින් භාණ්‌ඩ ප්‍රවාහනය කරන සේවාවක්‌ ඔස්‌සේ දින තුනක්‌ ඇතුළත එවන බව චීවරධාරියා මෙම කාන්තාවට දුරකථනය මගින් පොරොන්දුවී ඇත. දින තුන සති තුනක්‌ මාස තුනක්‌ ලෙස ගෙවුණද තවම එය ලැබී නැත. ඒ සම්බන්ධව අදාළ කාන්තාව විමසූ විට පවසා ඇත්තේ ඔය නෝනා දුන් ලිපිනයට මම එව්වා යෑයි කියාය. තමාට එය නොලැබුණු බව කාන්තාව පැවසූ විට චීවරධාරියා පවසා ඇත්තේ එසේනම් ඔබ දුන් ලිපිනය වැරදි ඇති බවය. තමා දුන් ලිපිනය නිවැරදි යෑයි පැවසූ විට චීවරධාරියා ඇයට පරුෂ වචනයෙන් බැනවැදී දුරකථනය විසන්ධි කළ බව ඊට මුහුණදුන් කාන්තාව පැවසුවාය. චීවරධාරියා එම පිළිතුර ලබාදෙන විට ඇය තුන්වාරයකදී රුපියල් ලක්‍ෂයක්‌ චීවරධාරියා ලබාදුන් ගිණුම් අංකයට බැරකර තිබේ.

සයිප්‍රසයේ පදිංචි කාන්තාවක්‌ මෙවැනි ගුරුකම් කරන්නකුගේ පිහිටෙන් තම පුතුගේ උසස්‌ පෙළ විභාගය සමත් කර ගැනීම සඳහා උත්සාහ කර ඇත. ඒ සම්බන්ධව ඇය අපට පැවසුවේ, මගේ ගම මාවනැල්ල, මම සයිප්‍රසයේ රැකියාවට ඇවිත් අවුරුදු දහයක්‌ වෙනවා. පුතා ගිය අවුරුද්දේ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියා. ළමයි තුන්දෙනා ඉන්නේ මහත්තයා එක්‌ක. මම පුතාගේ විභාගය සමත් කරගන්න අන්තර්ජාලය ඔස්‌සේ තිබූ ගුරුකම් දැන්වීමකට අදාළව අපේ ගම්පළාතේම ලිපිනයක්‌ තිබූ කෙනෙක්‌ට රුපියල් තිස්‌දාහක්‌ එව්වා. පුතාට විභාගයට යන්න පෙර කරේ පළඳින්න ලක්‍ෂ වාරයක්‌ මතුරනු ලැබූ සුරයක්‌ ගෙදරට යවනවා කියා මට පැවසුවා. හැබැයි යවලා තිබුණේ නැහැ. මම ඒ ගැන ඔහුගෙන් ඇහැව්වාම කිව්වේ ඒක යවලා තියෙන්නේ කියලා. නමුත් පුතාට ලැබිලා තිබුණේ නැහැ. ඊට පස්‌සේ මම මහත්තයාට කිව්වා අදාළ ලිපිනයට ගිහින් විමසා බලන්න කියලා. අන්තර්ජාලයේ තිබුණ ලිපිනයෙහි ඇත්තේ සිල්ලර කඩයක්‌. හැබැයි ඔහු පළකළ දැන්වීමේ ලස්‌සන දේවාලයක්‌, දේව රූප දෙකක්‌ තිබුණා. මම දැන් ඔහුගේ දුරකථනයට ඇමැතුම් ගන්නා විට ඔහු ඊට ප්‍රතිචාර දක්‌වන්නේ නැහැ.

මෙලෙස විදේශගතව සිටින කාන්තාවන් කිහිපදෙනකු රැකියා ලබාගැනීමට, සහකරුවකු සොයාගැනීමට මෙවැනි ගුරුකම් කරන්නන්ගෙන් පිහිට පතා ඇතත් සිදුව ඇත්තේ රැවටීම පමණකි. ඇත්තටම අපි හරි මෝඩයි… ඒත් ප්‍රශ්නවලට මුහුණදී ඉන්න කොට අපට ඒ ගැන හිතෙන්නේ නැහැ. කාගෙන් හෝ පිහිටක්‌ පතනවා. විශේෂයෙන්ම අපි මේ රටවල දහදුක්‌ විඳිමින් ජීවත්වෙන්නෙ. සමහරුන්ට රැකියා නැහැ. ඉතිං රැකියාවක්‌ ලබාගන්න ඕනෑම දෙයක්‌ කරන්න සමහරු යොමුවෙනවා. ඒ අතර මේ රටවල පදිංචිවෙලා ඉන්න අපේම ශ්‍රී ලාංකික කාන්තාවන් රැකියා ලබාදෙන බව පොරොන්දු වෙමින් යුරෝ දාහ, දෙදාහ (රුපියල් ලක්‍ෂයකට අධික මුqදලක්‌) අරගන්නවා. ඒ වගේ රැවටීම්වලට ලක්‌වෙච්ච කිහිපදෙනෙක්‌ම ඉතාලියේ ඉන්නවා. දැන් මෙහෙ රැකියාවල් අඩුයි. අපිට ආයෙත් ලංකාවට යන්නත් බැහැ. හලාවත ප්‍රදේශයේ සිට ඉතාලියට පැමිණ සිටින කාන්තාවක අපට සිය දුක්‌ගැනවිල්ල සඳහන් කළාය.

මෙම කාන්තාවන් පැවසූ ගුරුකම් කරන චීවරධාරීන් සහ කපුමහතුන් යෑයි කියා ගන්නා පුද්ගලයන්ට අපිදු සති කිහිපයක්‌ තිස්‌සේ ජංගම දුරකථන සහ ස්‌ථාවර දුරකථන ඔස්‌සේ ඇමැතුම් ගතිමු. එක්‌ චීවරධාරියකු දුන් බැංකු ගිණුම් අංකය අයත් වන්නේ එම චීවරධාරියා පළකර ඇති දැන්වීමේ ඇති නමට නොව ගිහියකුගේ නමටය.

කපු මහතකු පැවසුවේ උපදෙස්‌ දෙන්න පෙර රුපියල් පන්දහසක්‌ තම ගිණුමට බැර කරන ලෙසය. පවුලේ අයකු විදේශගතව සිටිනවා යෑයි කියූ පමණින් සහ යුරෝපා රටක සිටිනවා යෑයි කියූ සැනෙකින් අයකරන මුදල දෙගුණ වේ. ඒ බව අප දැනගත්තේ එකම කපු මහතාට ලංකාවේ පදිංචිව සිටින අයෙක්‌ ලෙස පවසමින් සහ විදේශ ගතව සිටින අයෙක්‌ ලෙස පවසමින් පිහිට පතන්නකු ලෙස කථා බහ කළ විටදීය.

යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් වල කිසිදු සත්‍යයක්‌ නැතැයි කියා අපි තර්ක නොකරන්නෙමු. නමුත් එය විකුණමින් දුකට කරදරයට පත්වූ පුද්ගලයන් රවටා මුදල් ගැනීම වස්‌ වදින සහ හෙණ ගහනා අපරාධයක්‌ බව නම් නොකියාම බැරිය.

උපාලි ද සේරම්
Source: http://apennews.com/videsh-kathun-ravatana/

 

No comments:

Post a Comment