රාහු-කේතු මාරුව


2016 රාහු-කේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?


රාහු හා කේතු අවසන් වතාවට කන්‍යාවට හා මීනයට පිවිස ඇත්තේ 2014 ජූලි 12 වැනිදාය. 2017අගෝස්තු 18 වැනි දින දක්වා මොවුන් දෙදෙනා සිංහය හා කුම්භය තුළ තම වක්‍ර චලිතය පවත්වාගෙන යනු ඇත.

මෙම කාල පරාසය තුළ මිනිස් ජීවිතවලට මහත් බලපෑම් ඇති කිරීමට රාහු හා කේතුට හැකි බව අත්දැකීම් ඇසුරෙන් පැවැසිය හැකියඑමෙන්ම අප රටට පමණක් නොව ලෝකයේ විවිධ රටවලටද නොයෙක් ආකාරයේ වෙනස්කම් ඇතිකරලීමට මෙම රාහු හා කේතු
මාරුව සමත්වනු ඇත.
පෞද්ගලික ජන්ම කේන්දර විමසුමට වඩා ලෝකායතන ජේ‍යාතිෂයේදී රාහුගෙන් හා කේතුගෙන් ගෙන දෙන පල ප්‍රබල වේඉදිරි වසර 1 1/2ක් කාලය තුළ රවිචන්ද්‍රකුජසිකුරුබුධගුරු හා ශනිගෙන් යෙදෙන ග්‍රහ බලපෑම්ද ඇති බව අපි අමතක නොකළ යුතුයඑනිසා සුබ අසුබ පිළිබඳව ඉක්මන් තීරණවලට අප පැමිණිය යුතු නැතකිසිම ග්‍රහයකු හෝ ලග්නයක් පූර්ණ වශයෙන්ම සුබ හෝ අසුබ නැත.
මේෂ ලග්නය
ඔබේ කේන්දරයේ වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්යරාහු පැමිණ ගුරු ග්‍රහයාට යෝග වීමෙන් ඔබේ බලාපොරොත්තු ඉහළින්ම ඉටු කර ගත හැකි වෙයිහදිසි ගමන් බිමන් යෙදෙන අතර ඒවායින් උසස් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකියඅලුත් වැඩපිළිවෙළකට අත ගසන අතර එමඟින් ඔබ බලාපොරොත්තු වූ අයුරින්ම ලාභ ප්‍රයෝජන හා දියුණුවක් ලබා ගැනීමට පුළුවනඋත්සාහවන්ත වීමෙන් හා දිරියෙන් යුතුව කටයුතුවල යෙදීමෙන් ජීවිතය සාර්ථක කර ගත හැකි මහඟු අවසථාවක් උදා වෙයිඑයින් නිසි පල නෙළා ගැන්මට උත්සුක වන්නඔබේ නිර්මාණ කුසලතා හා හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කළ හැකි යහපත් කාලයකිඔබේ නම ප්‍රසිද්ධියට පත්වෙයිඋගත්කම මෙන්ම ශාස්ත්‍රීය දියුණුවද ඇති වෙයිදරුපල නැති අයට දරුපල හිමිවෙයියාන – වාහන හිමිවනු ඇතරහසිගත සබඳතාවලට ඉඩ ලැබේමිල– මුදල් ලාභ ලැබෙන අතර ඔබේ තැන්පත් ධනය වර්ධනය වෙයිහදිසි ධන ලාභයකට ඉඩ ඇත.

වෘෂභ ලග්නය
ඔබේ කේන්දරයේ වැන්නට හා 10 වැන්නට රාහු හා කේතු පැමිණේමෙතෙක් කරගෙන ආ කටයුතුවල වෙනසක් ඇති වීමට ඉඩ තිබේඅතහැර දමා තිබූ ගොඩනැඟිලි හෝ නිවාස කටයුතු නැවැත ආරම්භ කෙරේනෑයන්ගෙන් කරදර හා විපත් ඇතිවීමට හැකියරැකී රක්ෂා කටයුතුවලට විරුද්ධවාදීන්ගෙන් බාධා ඇති වෙයිදේපොළ හා ඉඩම් පිළිබඳ ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙයිවාහන ලාභ මෙන්ම වාහන ගමන් – බිමන්ද අධිකව යෙදේවන්දනා ගමන්වලට යහපත් කාලයකි.ඔබ සමඟම ළඟින්ම සිටිය හිතවත් අයකු නිසා කරදරයකට හෝ රැවටීමකට අසුවීමට පුළුවනබුද්ධිමත්ව හා විචාරයෙන් නිතර සිටිය යුතුයවිවාහ කටයුතු අවුල්වන අතර ප්‍රේම සබඳතා බිඳවැටෙනු ඇතවෙළෙඳ ව්‍යාපාරයන්හි නියුතු ඔබට යහපත්යඅලෙවි කටයුතුවලින් මහත් ලාභ අත්කර ගත හැකියසතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේරැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වුවදවියදම් පක්ෂය අධික වෙයිසැප්තැම්බර් දක්වා කාලය තුළ ආදායම් තත්ත්වය යහපත් වෙයි.

මිථුන ලග්නය
ඔබේ කේන්දරයේ වැන්නට හා වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්යසතුරු කරදර දුරුවන අතර නඩුහබවලින් ජයග්‍රහණය අත්වෙයිඇසුරු කරන්නන් සමඟ හොඳ හිත වර්ධනය වෙයිඔබේ උත්සාහයෙන් සියලු දෙය සාර්ථක කර ගත හැකිවෙයිඋසස් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි කාලයකිප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවන අතර ආගිය තැන ගෞරවයට හා සැලකිල්ලට භාජන වෙයිසිතේ සතුට වැඩි වෙයියහපත් හා ධර්මිෂ්ඨ අයගේ ඇසුර වැඩි වශයෙන් හිමි වේ.දුරබැහැර වන්දනා ගමන් යෙදෙන අතර පූජ්‍ය කටයුතු සඳහා කාලය හා ධනය වැයවේධර්ම සාකච්ඡාවන් හා කතිකාවන් සඳහා ඔබට ඇරයුම් ලැබේඔබව උසස් ලෙසින් සමාජ පිළිගැන්මට ලක්වනු ඇතඋසස් නිලතල සඳහා තෝරා ගන්නට බොහෝදුරට ඉඩ තිබේරැකී – රක්ෂා හා වෙළෙ¼දාම් කටයුතු දියුණු වෙයිගොවිතැන් කටයුතු සාර්ථක වීමෙන් වැඩි වැඩියෙන් ලාභ ලැබෙනු ඇතවාහන හිමිවෙයිඅධ්‍යාපන කටයුතු සාර්ථක වෙයිබලාපොරොත්තු ඉටු වෙයිවිදේශ ගත ඥාති හිතවතුන්ගෙන් ආධාර උපකාර හිමිවෙයිලොතරැයි ලාභයකට ඉඩ ඇත.

කටක ලග්නය
ඔබේ කේන්දරයේ අයස්ථානය වූ දෙවැන්නට රාහු පැමිණෙන අතර කේතු අටවැන්නට පැමිණේරාහු පැමිණ ගුරු සමඟ යෝග වීම ඉතාම යහපත් වෙයිඅගෝස්තු 11 වැනිදා වනතුරු රාහු ගමන් කරනුයේ ධන කාරක ගුරු සමඟ බැවින් මෙම වකවානුව තුළ ඔබේ මුදල් තත්ත්වය යහපත් වනු ඇතරැකී – රක්ෂාව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලින් සැලකිය යුතු ආදායමක් හිමිවෙයිතනතුරු උසස් වෙයිආදර සංග්‍රහ හිමිවෙයිජීවිතයේ සතුටට හේතුවන බොහෝ දේ ඔබට නොඅඩුව ලැබේනිවෙසේ ප්‍රීතිය රජයනු ඇතදරුවකුගේ ජයග්‍රහණයක් හෝ මංගල කටයුත්තක් බලාපොරොත්තු විය හැකිය.අධ්‍යාපන කටයුතු සඳහා තිබූ බාධක ඉවත් වෙයිරැකියා කටයුතු සාර්ථක වන අතර උසස් තත්ත්වයක් අපේක්ෂා කළ හැකියශරීර සනීපයට යහපත් කාලයකිගෘහ ජීවිතය වාසනාවන්ත වෙයිදරු සම්පත් හිමි වනු ඇතඔබේ බිරියට හෝ සැමියාට හදිසි ධන ලාභයක් හිමි වන අතර එය ලොතරැයි දිනුමක් වීමට බොහෝදුරට ඉඩ ඇතවිදේශ සංචාර හෝ විදේශ රැකියා බලාපොරොත්තු වන ඔබගේ සිහිනය මල්පල ගැන්වෙනු නියතය.

සිංහ ලග්නය
ඔබේ කේන්දරයේ ලග්න භාවයට රාහුදහත් වැන්නට කේතුද පැමිණෙයිමෙය ඔබට යහපත් ග්‍රහ ගෝචරයකිවසර 1 1/2කට පසු උදාවූ රාහු – කේතු මාරුවෙන් ඔබට වාසනාව උදාවනු ඇතගෘහ ජීවිතය සැපවත් වන අතර වාසනාවන්ත ද වෙයිනවක මිතුරු මිතුරියන් හඳුනා ගන්නට අවස්ථාව උදා වෙයිඔවුන්ගෙන් ඔබේ දියුණුවට උදව් උපකාර ලැබෙනු ඇත.නිවෙසේ අලංකාරය සඳහා වැඩි වියදමක් දරන අතර නිවෙසට නවීන ගෘහ උපකරණ රැසක් මිලදී ගන්නට අවස්ථාව උදා වෙයිවිවාහයක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හට රූමත් තරුණ අයකු සමඟ විවාහ වීමට අවස්ථාව ලැබෙනු ඇතමෙතෙක් සිතේ පැවැති කලබලකාරීනොසන්සුන් ගති මඟහැරී ස්ථිරත්වයක් සිත තුළ ඇති වෙයිපදිංචිය ස්ථිර වෙයි.නව නිවාසයක් තැනීමට හැකි වෙයිදේපොළ භුක්තිය ලැබෙනු ඇතමෙතෙක් කරගෙන ආ රැකියාව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වෙනදාට වඩා දියුණුවට පත්වෙයිඋනන්දුව වැඩි වීමෙන් තම ප්‍රසිද්ධියට කරුණු යෙදේහදිසි භූමි ලාභයකට හෝ ධන ලාභයකට ඉඩ තිබේ.

කන්‍යා ලග්නය
ඔබේ කේන්දරයේ 12 වැන්නට රාහු පැමිණෙන අතර කේතු සය වැන්නට පිවිසෙයිමෙම ග්‍රහ ගෝචරය එතරම් යහපත් නැතමිශ්‍රපලදායකයසිත්තැවුල්වලට මුහුණ පෑමට සිදුවෙයිඅතීතය දෙස බලා සුසුම් හෙළීමට සිදුවන අතර අනාගතය පිළිබඳව අවිනිශ්චිත බියක් දැනෙනු ඇතසිතේ සතුට හොරු පැහැරගෙන ගියා සේ දැනෙන්නට පටන් ගනීසතුරන් නිසා සිතට බියක් ඇති වෙයිනිතර සැකයෙන් පසුවන්නට සිදුවෙයිවියදම් අධික වන අතර ඊට සමගාමීව ගමන් – බිමන් ඇති වෙයිඒ සමඟම නිෂ්ඵල ගමන්වලට ශ්‍රමය හා කාලය වැය කිරීමටද සිදුවෙයිරැකී – රක්ෂාව්‍යාපාරගොවිතැන් ආදී කටයුතුවලින් ලාභවලට වඩා පාඩු සිදුවිය හැකියමිල – මුදල් අතින් හිඟපාඩු ඇති වෙයිනඩුහබහදිසි අනතුරුවලින් චිත්ත පීඩා හා ශාරීරික පීඩා ඇති වීමට ඉඩ තිබේජයග්‍රහණය පතා කරන ක්‍රියාකාරකම්වලින් බොහෝදුරට පරාජය අත්වෙයි.බලාපොරොත්තු කඩවෙයිකේතුගෙන් යහපත් ප්‍රතිඵල උදා කරන අතර ගෞරවයදදියුණුවදමිල – මුදල් ලාභද හිමි වෙයිගරු සැලකිලි ලැබේසිතේ සතුට ඇති වෙයිප්‍රීතිමත් ගමන් යෙදේ.

තුලා ලග්නය
ඔබේ කේන්දරයේ 11 වැන්නට රාහු ග්‍රහයාද, 5 වැන්නට කේතු ග්‍රහයාද පැමිණීමෙන් ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇතගෙවී ගිය වසර 1 1/2ට වඩා ඉදිරි කාලය තුළ ඔබේ දියුණුවට කටයුතු
සිද්ධ වෙයිකරන කියන කටයුතුවලින් වැඩි ලාභ හිමි වන්නට ඉඩ තිබේඑමෙන්ම තරග ක්‍රීඩා ජයග්‍රහණය පතා කරන කටයුතුවලින් ජය හිමි වනු ඇතබලාපොරොත්තු රහිත අවස්ථාවක හදිසි මුදල් ලාභයක් හෝ ලොතරැයි දිනුමක් හිමි වෙයි.මිල – මුදල් යහමින් අත රැඳෙනු ඇතඔබේ බැංකු ගිණුම් තරවන කාලයකිසිතද අයාලේ යන්නට ඉඩ තිබේ.

ඒ සඳහා නිර්ලෝභීව මුදල් වියදම් කරනු ඇතසිතට විරුද්ධ වැඩ කිරීමට පෙලඹෙන අතර අසාධාරණ අන්දමින් මුදල් සෙවීමටද සිත් දෙයිසමහර විට නපුරු වැඩවලටද සම්බන්ධ විය හැකියඉඩකඩම්ගෙවල් ආදිය හිමිවන වාසනාවන්ත කාලයකි.ඔබේ බලය වර්ධනය වෙයිරැකී – රක්ෂාවෙළහෙළ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් යහපත් හා උසස් ප්‍රතිඵල ලැබේ.ගෘහ ජීවිතය සතුටින් ගත වන අතර පවුලට අලුත් සාමාජිකයන් එක්වනු ඇත.

වෘශ්චික ලග්නය
ඔබේ කේන්දරයේ 10 වැන්න වූ කර්මස්ථානයට රාහුදගෘහස්ථානය වූ වැන්නට කේතු ග්‍රහයාද පිවිසෙයි.නොතේරුම්කම නිසා හෝ උද්ධච්චකම නිසා හෝ ගෘහ ජීවිතයේ ගැටලු ඇති කර ගනීප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයකිහැකි තරම් කටින් පිටවන වචන පිළිබඳව කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයිඥාතීන්ගේ දෝෂදර්ශනයට ලක්වනු ඇතරැකී – රක්ෂා වෙළෙ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් පාඩුඅලාභ සිදුවෙයි.

හදිසි අනතුරුවලට ඉඩ ඇතනිවාස හා ගොඩනැඟිලි වැඩට බාධා පැමිණේඅමනුෂ්‍ය දෝෂ බලපවත්වන අතර පදිංචි නිවෙස අපිරිසුදු වන කාලයකිගුණධර්ම වියැකී ගොස් පව් වැඩවලට සිත යොමු වෙයිඅනියම් කම්සැප සොයා යෑම නිසා නින්දාවට පාත්‍ර වෙයිවිවාහ යෝජනා එතරම් සාර්ථක නොවේගුරු මේ වන විට රාහුට යෝගව ගමන් කරන බැවින් ඉහතකී අපල තත්ත්වය බොහෝදුරට සමනය විය හැකියඉගෙනීමෙන් පල ලැබීමට පුළුවනරසවත්මිහිරි ආහාරපාන භුක්ති විඳීමට ලැබේඅලුත් ස්ථානයකට හෝ නව රැකියාවකට යෑමට සිදුවිය හැකිය.

ධනු ලග්නය
ඔබේ කේන්දරයේ පුණ්‍යස්ථානය වූ නව වැන්නට රාහු ග්‍රහයාදවික්‍රමස්ථානය වූ තුන් වැන්නට කේතු ග්‍රහයාද පිවිසෙයිදුර බැහැර වන්දනා ගමන්වල යෙදීමට සිදුවෙයිආගමික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් හා කාලයක් මිඩංගු කරනු ඇතඅධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර නව විෂයන් ඉගෙනීම කෙරෙහි සිත යොමුවෙයිවිභාගවලින් ජය අත්වෙයිභාෂා කිහිපයක් ඉගෙනීමට අවස්ථාව උදා විය හැකියපිටරට හා එම පළාත්වල අය සමඟ කරන ගනුදෙනු හා කටයුතුවලින් වැඩි ලාභ හිමි වෙයිවිදේශ ගමන්වලට තදින්ම සිත යොමු වෙයිඒ පිළිබඳ වැඩි උනන්දුවක් හා අවධානයක් දැක්වීමෙන් එම සිතිවිලි සාක්ෂාත් කර ගත හැකි අතර විදේශයක වාසය සඳහා යෑමට ඉතාම සුදුසු කාලය මෙය වනු ඇත.අගෝස්තු 11 දක්වා කාලය යහපත්යජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළන්නටද ඉඩ ඇති කාලයකිසතුරන් හා ඊර්ෂ්‍යාකාරයන් නිසා සිතට කරදර හා පීඩා ඇති වෙයිමිල – මුදල් හිඟවෙයිනොතේරුම්කම නිසා හෝ මෝඩ,උද්ධච්චකම නිසා හෝ ප්‍රශ්න වැඩි කර ගනු ඇත.

මකර ලග්නය
ඔබේ කේන්දරයේ වැන්නට හා ධනස්ථානය වූ වැන්නට රාහු හා කේතු පිවිසෙයිමෙම ග්‍රහ ගෝචරය ඔබට එතරම් යහපත් නැතරැකී – රක්ෂාව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණෙන අතර ඒවායින් පාඩු
සිදුවනු ඇතණයතුරුස් වීමට පවා සිදුවන දුක්බර කාලයකිවැඩි විශ්වාසයක් ඇතිව කරන කටයුතුවලින් ජයග්‍රහණයට වඩා පාඩු සිදුවෙයිහවුල් ව්‍යාපාර වැනි මුදල් යොදවා කරනු ලබන ආයෝජනවලින් අලාභ ඇතිවෙයි.

සිතේ නොසන්සුන් ගතිය වැඩි වෙයිගෘහ ජීවිතයේද අසමඟිකම් ඇති විය හැකියඅනවශ්‍ය හා නොගැළපෙන කතාබහ නිසා පවුලේ සමඟියට බාධා පැමිණේසිතට මරණ බියක් දැනෙන්නට වුවද හැකි කාලයකි.නිදන් ගත රෝග සෑදෙන අතර රෝහල්ගතව කලක් ප්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකියඔබේ සිරුරේ පාදයක ශල්‍ය කර්මයකට ඉඩ ඇත.වැරැදි ක්‍රියාමාර්ගවලට යොමුවන කාලයක් බැවින් සිහිනුවණින් කටයුතු කළ යුතුයසොර සතුරු කරදරවලින් පාඩු සිදුවෙයි.ශරීර සැපයට බාධා වන අතර සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබෙන දුක්මුසු කාලයකි.

කුම්භ ලග්නය
ඔබේ කේන්දරයේ වැන්නට රාහු ග්‍රහයාදලග්න භාවයට කේතු ග්‍රහයාද පිවිසෙයිගුරු ග්‍රහයාට යෝග වීම නිසා රාහු– කේතු මාරුව ඔබේ ලග්නයට යහපත් ප්‍රතිඵල උදාකරනු ඇතගුරු ග්‍රහයා වැන්නේ ස්ථානීය බලයෙන් යුක්ත බැවින් ඔබට උසස් ප්‍රතිඵල ලබා ගත හැකියමංගල යෝග උදාවන අතර විවාහයට යහපත් කාලයකියහන් සුව විඳීමට ඇති බාධා ඉවත් වෙයිසිතට හා ගතට සැප ලැබෙන වාසනාවන්ත කාලයකිඅනුමානයට කරන වැඩවලින් ජයග්‍රහණය අත්වෙයි.හදිසි ධන ලාභ හා ලොතරැයි ලාභ වැඩිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

ස්ත්‍රී පුරුෂයන් අතර හොඳ හිත වර්ධනය වීමෙන් ගෘහ ජීවිතය සතුටින් ගත වනු ඇතදේශපාලන හා සමාජ සේවා කටයුතුවල නිරත ඔබට එම කටයුතුවලින් ජයග්‍රහණය හා දියුණුව ඇති වෙයිවාසනාවන්ත කාලයක් බැවින් උනන්දුවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලුදේ යහපත් කර ගත හැකියයාන – වාහන ලාභද ඇති වෙයිජීවිතයේ අමුතුම ආකාරයේ වෙනසක් ඇති වන අතර හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භයටද ඉතාම සුදුසුය.

මීන ලග්නය
ඔබේ කේන්දරයේ හය වැන්නට
රාහුදකේතු ග්‍රහයා 12 වැන්නටද පිවිසෙයිරාහු තමන්ට ඉතාම ගැළපෙන ස්ථානයට පැමිණීමෙන් ඔබට ඉතාම යහපත් කාලයක උදාවක් සනිටුහන්
කරවනු ඇතරැකී රක්ෂාවෙළහෙළ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් වැඩි වැඩියෙන් ලාභ අපේක්ෂා කළ හැකිය.අතගසන සෑම කටයුත්තක්ම ඉතා ඉහළින්ම සාර්ථක වෙයිප්‍රීති උත්සව හා සම්භාෂණ සඳහා ආරාධනා ලැබේ.

උසස් පුද්ගලයන් හා උරෙන් උර ගැටී සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදා වෙයිසොර සතුරු කරදර පහව යනු ඇත.ණය ගනුදෙනුවලින් ලාභ අත්වෙයිඔබේ බැංකු ගිණුම් තරවන කාලයකිජීවිතය පුරා සතුට හා ප්‍රීතිය පවතිනු ඇතඔබ කැමැති ආකාරයෙන් කම්සැප විඳීමට ලැබෙන ඉතා මනරම් ග්‍රහ ගෝචරයකිනව රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබගේ ප්‍රාර්ථනා මල්පල ගැන්වෙනු ඇතකෙසේ හෝ ආදායම වැඩි වීමෙන් නව ආයෝජන අවස්ථාවන් සඳහාද සිත යොමු වෙයි.

සිරුරේ ලෙඩදුක් පහව ගොස් නිරෝගී ජීවිතයක් ගත කිරීමට තරම් ඔබ වසනාවන්තයකු වනු ඇත.
Rahu Kethu Palapala - 2016.


No comments:

Post a Comment